Tuesday, August 31, 2010

ඔයා සහ එයා....

හූ....හූ..... ඔයාට අපි බය නෑ...
හැමෝම කියනවා....
ඔයා නිකම් වැඩකාරයා වගේ හිටියට වැඩ බෑ කියලා
ඔයා පුම්බගෙන හිටියට වැඩක් නෑ
ඔයාට ඒක කරන්න බෑ.
ඔයා හරි අහිංසකයි
ඒත් ඔයා දන්නේ
අහිංසකයෝ හොය හොයා
හිල් අස්සේ රිංගන්න විතරයි....
අනික ඔයා හැමදාම වගේ දකින්න ඉන්නවානේ...
මෝඩයෝ....
එතකොට ඔයාගේ මර්කට් එක බාහිනවා...
ඉදලා හිටලා කැලෑ පැත්තටත් පලයන්
හැමදාම කාමර අස්සේ රිංගන් නැතුව...
ඕන්න මං ලගට ආවොත්
එදාට තමයි ඔයා පාඩමක් ඉගෙන ගන්නේ...
මම ගනවා ඔයාට _____________________(අන්තිමට වචනේ ඇති )

ඒත් එයා......
එයාටනම් අම්මෝ....... මම බයයි
එයා හරි නපුරුයි
ගැවුවොත් ගැව්වමයි.....බඩු හරි
ඔයා වගේ මෙයත් හිල් අස්සේ රිංගනවා තමයි
එත් මෙන්න බඩුව.....
මොකද මෙයා හැමදාම පෙන්න නෑනේ
ඔයා වගේ කාමර අස්සේ මෙයා රිංගන් නෑ හැමතිස්සේම
එයා රිංගන්න ආස වැඩිපුර....
කෑලේ තියන ගුල් වලට
එයා ලගට ආවොත්
මම ඔයාට වගේ පාට් දාන්න යන්නේ නෑ
මම ආදරේන් කියනවා...........
සූදූ ඔයා යන්නකෝ කෑලේ පැත්තට කියලා
එතකොට එයා අහනවා......
ඔයා වගේ මුරණ්ඩු නෑ එයා....
ඔයා එයා වගේ කොරන්න හැදුවට
ඔයාට ඒක කරගන්න බෑ........
ඔයා එයා වෙගේම හිටියට
ඔයාට එක දෙයක් අඩුයි........

ඒ මොකක්ද දන්නවාද.....?

ඔයාට අඩු.......... පෙනේ
මොකද ඔයා ගැරඩියානේ......හූ...හූ.......





හූ....හූ......ඔයාට මම බය නෑ.......
වෙනදා වගේම ඔබට අකුරු කල මම.......
රොෂාන්.....

3 comments:

  1. ඇයි අනේ "අහරකුක්ක/හරකුක්ක"....ඒයත් එහෙම තමයි...:)))...

    ReplyDelete
  2. @Shadow/හේමලයා > ආ.....හූ...හූ ....අපි එයාටත් බය නෑ........

    ReplyDelete
  3. ශා...නියම දෙබස්‌ ටික.....එල..එල... :)

    ReplyDelete