Tuesday, August 3, 2010

ඒකපාර්ශවිය අනියම් පෙම.......


අළුත් ආරයකට කියවන්න......




නිහඩ නිසල පාළු රැයක මා යහන්ගත වී ඉවක් බවක් නොමැතිව කතරක දිය පොදක් සොයා යන සිත මෙල්ල කිරිමට දක්වන උත්සහය දන්නේ මාත් මෙල්ල නොවන සිතත් පමණි.අනියම් පෙමක් යනු දෛවයේ සරදමකි.නමුත් මා එය අරුත් දක්වනුයේ ඒකපාර්ශවිය අනියම් පෙමක් යනුවෙනි.ඒකපාර්ශවිය අනියම් පෙමක් තිබිය හැකිද..... පාඨක ඔබට මෙය කුකුසක් විය හැක.නමුත් ජිවතය යනු පුදුම තැනකි.අප සිතන පතන සියල්ල අපට ලැබෙනුයේ නැත.ඒ වූ කළි අපි හඩති හැපෙති වැලපෙති.අද මා මෙම ලිපිය ලියනුයේ හදවතින් ඉබේම උත්පාදනය වන හැගීමේනි.රහසක් හදවතේ සිර කර තබා ගැනිමට වැඩිය එය කාට හෝ පැවසිම හදවතට අස්වැසිල්ලකි.නමුත් මම ඒ රහස මුළු ලෝකයටම කියමි.ඒ එය ඔබ නොදන්නා බව මා දන්නා නිසාවෙනි.මේ මගේ කථාවයි.......


ඇය යනු මා ජිවිතයේ රිද්මය බව මට වැටහී ගියේ මා ඇය දුටු මුල් දිනයෙදිමය.මේ විපරිත ලෝකයේ කාලය නිමේෂයෙන් නිමේෂය ගෙවී යද්දී ඇය මාගේ ජිවිතයේ රඟන එකම රූපිකාව බවට පත්විය.මා සියල්ල අමතක කර ඇයට ආදරේ කරන්නට විය.ඒ අරමුණු හීන වී ගිය මගේ ජිවතයට අරුත්බර අළුත්බර අරමුණු ඒ ආදරය සැපයූ නිසාවෙනි.අපි ලගම මිතුරන් බවට පත්විය.ඇය දුන් අරමුණු පසුපස මම හති නොබලා දිවගියෙමි.ඇය නිරතුරුව මා දිරිගැන්විය.මගේ අඩුපාඩූ පෙන්වා දුනි.අප අතරේ ආදර ඉගි හුවමාරු වුවද මා ඇයට හෝ ඇය මට ආදරේ යැයි නොකියවිණි.මේ අතර වාරයේ ජිවිතය බලාපොරොත්තුමත ගොඩ නගමින් උස්වූ කදුමුදුනට මම නැග්ගෙමි.නිල්වන් හිස් අහසේ මගේ හිත සැරිසැරුවේ අපිරිමිත නිදහසකිනි.මා ඒ තරමට ඇයට ආදරේ කලෙමි.මට සැම විටම සිතුනේ ඇයද එලසම වේවි යැයි කියාය.දිනක් මම ඇයට ආදරේ කිමට සැරසුණි.නමුත් එදින මිතුරිය ආදරවන්තියක් කර ගැනිමට දෛවය ඉඩ දුන්නේ නැත.ඇය එදිනම අන් අයෙකුගේ ආදරවන්තියක් වි තිබුණි.මම ඇයට ජිවිතය ජයගන්නට සුභපැතුවා මිස මගේ සිත ප්‍රකාශ කලේ නැත.මා ඇයත් සමග සිනහ වී කථා කලද හදවත ඉකිබිදිනා හඩ සිත තුල වේදනා දුනි.මා නොහඩා සිටිමට උත්සහා කලද කදුළු බිදු මට අවනත වූයේ නැත.මම රහසේ හැඩුවේමි.නමුත් ඒ වෙදනාව කදුළු වලින් දිය කර දැමිය නොහැකි වග මා හොදාකාරවම දැන සිටියෙමි.ඇය තවමත් මගේ සිත තුල ලැගුම්ගෙන සිටි.නමුත් ඇය තවමත් මිතුරියක්ම පමණි.ඇය නිසාවෙන් මට මගේ ජිවිතයට ලැබුණු අභියෝග මට ජයගැනිමට ඉතිරිව ඇත.එයින් එකක් හැර මට අන් සියල්ලම ජයගත හැකිබව සිත දනිමි.මට ජයගත නොහැක්කේ ඔබ පමණි.එමනිසා මා යනු අනියම් පෙමක පංගුකරුවෙකි.මා දන්න්නේ ඔබ මට නිම්මැති වසන්තයක් කියා පමණි....නමුත් ඒ වසන්තය මටනම් රෝස මලක පෙති ගිලිහෙන්නට මල්වැස්සක් ඇද හැලුණු වසන්තයක් පමණි.මට ලියන්න කියන්න අරමුණු දුන් ඔබට මා ඒ සියල්ල පුදදෙනුයේ අරමුණු හින වූ මට ඔබ දුන් නිමක් නොමැති වසන්තය නිසාවෙනි....... සත්තකින්ම ඔබ යනු මට කප්පරක් උස ජිවිතයට අරුතක් දුන් මග සළකුණයි.මගේ නිම්නැති වසන්තයයි......



ජිවිතයේ කාලයෙන් කාලයට විවිධ හැඩරටා මැවෙනවා.පොඩිකාලේ අම්මා තාත්තාගේ ජිවිත දිහා බලල පන්නරය ලබන අපිට යෞවනත්වයට පත්වනවිට ඉබේම ආදරය කියලා හැගීමක් පහල වෙනවා.මම දන්නේ නෑ ඒ හැගීම ඔබට ඇතිවෙලාද නැත්ද යනවග..?ඒත් මට හිතෙන විදිහටනම් රසවත් දේ ලියන්න ඒ හැගුම හොදින් ඉවහල් වෙනවා.උඩ කථාව ගැන ඉතිං කියන්න තියෙන්නේ ඔච්චර තමා..................

හැමදාම එකම විදිහට කියවන කෙටිකතාවට අළුත් හැඩයක් දෙන්න මම හිතුවා.බොලද ප්‍රේම කථා පදුරකට ගැවුවම දුසිම් ගණන් විසිවන මේ යුගයේ මේ කථාව ඔබේ සිතට දැනේවිද...? එය මට කිව යුත්තේ ඔබයි......




සාරංශය....




ඔබට නොහැගුනට
සිතට නොදැනුණට
මා ඔබට පෙම් කල
තරම් දන්නේ මා සිත පමණි,
සොදුර මා එය නොපැවසුවේ
ජයගන්න අරමුණු ඇති නිසා
ජිවිතේ...........
ඒවා මා ජයගද්දී වේගයෙන්
ඔබසිටියා දිරිදෙන්න පිටුපසින්
ඒත් එක් මොහොතකදී
මා දෙවනි වුවා...
ඔහු ඉදිරි වුවා...
ජයගන්න ඔබේ සිත
නමුත් මා සොදුරියේ
ඔබ දුන් ලෝකයේ
ජයකණුව වෙත යමී
ජයගනිමි මතු දිනේ
ඒත් මට හිනහෙන්න
නුඹ නොමැත මා ලගින්...
නුඹේ ඔය සිනහව
තරහින් ඔරවන විලස
සියළු දේ සගවා හිනහෙමි
නුඹ ලගදී...........
කෙසේ වුවත් ඔබ මට
සොදුර නොවී තවමත්
හොදම මිතුරිය.......



ඔබ මට ඇයි උනේ සොදුරිය නොවී මිතුරිය...............!!

4 comments:

  1. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ

    නියමයි අයියා.. මේ වෙනස හොඳයි

    ReplyDelete
  2. අගේ ඇති සටහනක්....මෙතැනදි ප්‍රමාදයටත් වඩා තියෙන්නේ ජීවිතය පුරා අපි අරමුණු කියන දිනුම් කණු හඹායන කොට මග දිගට තියෙන සුන්දරත්වය මඟ හැරෙනවා.ජීවිතය කියන්නේ අර දිනුම්කණුව නෙමෙයි...මාර්ගයයි.....අනිත් එක අපි කොයි තරම් නම් බොළඳ ආදර කතා පිටු දැක්කත්...ආදරය තුල අපි කොයි කවුරුත් බොළඳයි...

    ReplyDelete
  3. @ යසි ගමගේ,Shadow/හේමලයා,Ansh Lucky Sri Jay > ආදරය ගැන කත කරපූ මේ මාතෘකාවට අදහස් වලින් ශක්තිය දිපූ ඔයගොල්ලන්ට කවදාවත් ආදරයනම් වරදින්නේ නෑ....

    ReplyDelete