Thursday, July 29, 2010

අබුද්දස්ස කාලේ ලබු තිත්ත වෙන එක පුදුමයැක්ද...?



පසුගිය දින කිහිපය දිවයින පුරා අතිසාර්ථක ලෙස තිරගත වූ ඇඟකිළිපොලා යන විකට ජවනිකා ඇතුලත් 'කොම්පියුටර් ජිල්මාට්' 'උපවාසේ' 'බස්සෝ හා කොස්සෝ' යන චිත්‍රපට වලින් පසු එහි නිෂ්පාදක කණ්ඩායම තම මිළග නිර්මාණය පිළිබදව අවධානය යොමුකොට ඇත.මේ පිළිබද පැවති මාධ්‍යය සාකජ්චාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් MR නිෂ්පාදකයින්ගේ මාධ්‍යය ප්‍රකාශක කෙහෙල්ලෙලි රඹුක්කන මහතා ප්‍රකාශකර සිටියේ, මෙම සිනමා නිර්මාණය සදහා නවින තාක්ෂණය මෙන්ම නවක නළුනිළි පිරිසක්ද හදුන්වා දෙන බවයි.ඔහු වැඩිදුරත් කියා සිටියේ මෙයට නව පෙනුමක් ලබාදීම සදහා මෙතෙක් කලක් දුෂ්ට චරිත රගපෑ KP මහාතාට ප්‍රධාන චරිතය ලබා දෙන බවයි.එමෙන්ම දුෂ්ට චරිතය සදහා බලකිරිමේන් සරත්[SF] මහතා පත්කල බවද ප්‍රකාශකර සිටියා.ඉන් අනතුරුව සිනමා නිර්මාණය පිළිබද මාධ්‍යය කරුවන් වැඩිදුරටත් දැනුවත් කලා.

නිෂ්පාදනය - MR group.
අධ්‍යක්ෂනය - පර්සි
සහය අධ්‍යක්ෂනය - ගොඪම්බර සමග බ්‍රසිල්
ප්‍රධාන නළුවා - KP
ප්‍රධාන නිළිය - අනර්ඝ කෙලි..
සහය නළුවා - කරුණා සමග පිල්ලියා
විකට නළුවා - 'උපවාසේ' රගපෑ විකට වංශ
සටන් නිර්මාණ - ආචාර්යයා
සනීපාරක්ෂනය - සිරිපාල හා සිරිසේන
නර්තනය - නාමල්ලී
ප්‍රබල චරිතය - 'ඇට නැති දිව කී කථා' හී රගපෑ පෝපති
කථාව දෙබස් පිටපත - පර්සි
පසුතල - නැගෙනහිර පෙදෙස
දුෂ්ට චරිත - සරත් ඇතුළු නරඹන්නන්.

එහෙත් මේ සදහා තවමත් ස්ථිර නමක් යෝජනා වී නොමැත.නම් කිහිපයක් මේවන විට අනුමැතිය සදහා යොමුකර ඇත.
නම් -
1.හොරු සමග හෙළුවෙන්...
2.අයදිමි මම සමා...
3.උබ ඇතුලේ මම එළියේ...
4.රජයේ සාක්ෂිය...
5.KP vs SF....

ඔබගෙන් ඔබේ අවධානයට....
විහිළුවක් නොව දෑස් හැර බලන්න.

1 comment:

  1. "හොරු සමග හෙළුවෙන්" කියන එක හොඳයි වගේ. කොහේදිද මන්දා මම දැක්කා මේකට "හීරෝස්ටාර් ඇන්ඩ් ටෙරරිස්ටර්" කියලා නමක් දාලා තියෙනවා. :ඩී

    නියමයි රොෂාන් අයියා. කීප් ඉට් අප්.

    ReplyDelete