Friday, August 6, 2010

පරමාණුව,ඇමෙරිකාව,ජපානය සහ අපි.........



පරමාණුව...


දෙන්න මට දිය බිදක්
අහෝ දෙන්න.......
මට බීමට දිය බිදක්
ඉඩ දෙන්න මට ලැබීමට දිය පොදක්
අවැසිය මට මිය යාමට එය.........
ඔව්! මිය යෑමට.........!
ජලය......ජලය බිදක්
අයදිමි මම ඔබෙන්.......
නොමැතිද කිසිවෙකුත්


පලුදු වී ඇත ස්වර්ගය
විනාශ වී ඇත මංමාවත්
ගංඟාව.........
ගලයි තවමත් ගංඟාව!
අහෝ අහෝ!
අහෝ අහෝ!
රාත්‍රිය......
වියළුණු ලැගුම් ගත් ඇස් වලට,
ගිනි ගෙන දැවූණු තොල්වලට,
පැතිරි එයි කෙමෙන් රාත්‍රිය
අහෝ! මිනිසකුගේ අඳෝනාව,
මිනිසකුගේ කැළඹීම,
වත ඔහුගේ
කර වී වේදනා දෙන
මිනිසෙකුගේ විනාශ වු
මේ මුහුණ,
මුව කමල!!

තමිකි හරා(1905-1951)
ලේඛකයෙකි,කවියෙකි
හිරෝෂිමාවේ ජිවත් වී බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඔහු පසුව සිය දිවිනසා ගත්හ.


ඇමෙරිකාව.......

ඇමරිකානු නිවටුන් 1945 අගෝස්තු 06 වෙනිදා ඉතිහාසයේ දරුණු කලූපැල්ලම ඇති කලේ ලක්ෂ ගණන් අහිංසක් ජිවිත රැසක් යුද්ධයක වග උත්තරකරුවන් කරමින් සමුල ඝාතනය කරනෙමිනි.අද ත්‍රස්තවාදයට විරෝධයි කියමින් රටවල් අක්‍රමණය කරන ලෝකයේ බලවත් විමට හින දකින ඇමරිකාව මේ වන විට උතුරු කොරියාවට ඇස යොමා කෙල හලමින් පසු වෙති.

ජපානය......

ඔවුහු මියගියේ ජපානයේ වුවද එය සමස්තවූ මානව වර්ගයාම කම්පා කරවිය.අද යනු ඒ අපේම සොයුරන් අහිමි වී ගිය දිනයයි.අදටත් මුළු ලෝකයම ඔවුන් සිහිකරති.මම ඉහතින් සදහන් කල නිසදෙසද ඔවුන්ට උත්තමාචාරයක් වනු ඇතැයි මම සිතමි.අද ජපානය යනු කදුළු පිසදා අභිමානයෙන් වැජඹෙන ජාතියකි.


අපි......


අද දිනය තුලදී ශ්‍රී ලංකීය මාධ්‍යයද මේ පිලිබදව වාර්තා සපයා අවසනදී අපටද ජපානය මෙන් නැගී සිටිය හැකියැයි පෙන්නා දෙයි.ඒ දෙය සුපුරුදු පරිදි සිදුවන්නෙකි.නමුත් මා කිසිවිටකත් එලස නොකියමි.මක් නිසාදයත්, අපට ජාතියක් ලෙස නැගිටිමට තිබු අවස්ථා රැසක් පුහු වු දේශපාලුවන් විසින් ඩැහැගැනිමයි.මේවා මිට වඩා කියා කාලය නාස්ති කිරිම නුසුදුසුය.ඒ,අප රටේ යුද්ධය කර ජය ගෙනදුන් පිරිස් සිරකර ත්‍රස්තනායකයින් නිදැල්ලේ සංචාරය කරන නිසාවෙනි,ත්‍රස්ත නායකයින් පාර්ලිමේන්තු යන නිසාවෙනි,නුසුදුස්සෝ ලොක්කෝ වන නිසාවෙනි,ඩෙංගු උණ විකුණා කන නිසාවෙනි,ඩෙංගු නැසිමට බැක්ටිරියාව නොගෙන වෙන වෙන නාඩගම් නටන නිසාවෙනි,ඔළු නැති හරක් අපිව ගස් බදින නිසාවෙනි,දේශපාලකයින් වාසි පැත්තට හොයියා නිසාවෙනි,කොන්ද පණ නැති මාධ්‍යයන් තිබෙන නිසාවෙනි,මේ සියල්ලටම වඩා එකම වැරැද්ද නැවත නැවත කරමින් මේ සියල්ලම දිහා උපේක්ෂාවෙන් බල බලා හඩක් නොනගන බහුතර බියගුළු මහජනතාවක් සිටින නිසාවෙනි.....

තවත් එක් ලිපියක් නොව හැමදාම එකතැන පල්නොවී සිතන්න............
අපිට ඕන අපේ රට සුන්දර කරන්නද...? ඒදා දවස වෙන දේ බලා දෙන දෙය කා ජිවත් විමටද..?
මෙම අසාධාරණයන් තවත් ඉවසමුද..?
ඔබත් නිකරුණේ ඔබව ගස් බැද මරණතර්ජන කරන තුරු සිනහා වේවි බලා සිටිනවාද..?
එසේ බලා සිටිනවානම් ඔබවද ගස් බැන්දාට කම් නැත....



විහිළුවක් නොව දෑස් හැර බලන්න...
ඔබගෙන් ඔබේ අවධානයට.
මෙම සමාජ ක්‍රමය වෙනස් විය යුතු නේද.....?

3 comments:

  1. එදා ඇමරිකාව කලේත් අද අපි කල දේම නොවේද?..යුද්දයට යුදයෙන් පිළිතුරු දීම නොවේද?..අපි ජපානයේ පැත්ත ගත්තත් ඇමරිකාවේ පැත්ත ගත්තත්...මානව හිමිකම් ගැන කවුරු මොනවා කීවත් ආදරෙයේදී හ යුද්දයේදි ඕනෑ දෙයක් ඔට්ටුය....හරි වැරැද්ද වෙනම එකකි...නමුත් යුද්දය සාධරණ වූයේ කවදාද?...මානුශික මෙහෙයුම් කියා ලස්සන නම් දැම්මට යුද්දයේ ඇති රකුසු මුනත් සැඟවිය හැකිද?...අපි යුද්දය දිනූ විට කිරිබත් කෑ වෙමු....එක්තරා මිනිසුන් කොටසකගේ මරණය සැමරුවෙමු.....දෙවන ලෝකයුදය අවසන් වු විට ඇමරිකානුවෝද සැන්කෙලි පැවැත්වුහ.....ඉතින් අපි සහ ඔවුන් වෙනස්ද?....වෙනස් වෙමු..නමුත් යුද්දයේදි අපි කවුරුත් අනුකම්පා විරහිත සතුන් වෙමු....

    ReplyDelete
  2. සහතික ඇත්ත. වෙනස් විය යුතුයි නෙමේ, වෙනස් කල යුතුයි. ඒත් අපි එක්ක ඉන්න ගොළු බිහිරි අන්ධ මිනිස්සු බහුතරය එක්ක ඒකට ඉඩක් නෑ.

    ReplyDelete