Monday, September 13, 2010

දැන් ඉතිං බඩු හරිනේ......

අපේ ගෙදර කවූරුත්ම නෑ
මම තට්ට තනියම.........
වේලාව දවල් දොළහයි
වෙන්දා රෑට......,
ඒත් අද කවූරුත් නෑ
මම ඒක ගෙන්න ගියා
පට්ට දවල්ම.....,


අතේ තිබ්බෙත් එක නෝට්ටුවයි
ඒත් ඉතිං දවල්ට හැමදාම කියලා ඈ....
මම ගියා බඩුව තියන තැනට
බය නැතුව ඉල්ලුවා.....
මට ඉතිං පුරුදු නැති දෙයක් ඈ...
මුලින් එකක් පෙන්නුවා
මම ඒක එපා කියලා
අනිත් එක ඉල්ලුවා....


අම්මෝ.......
ඒක දැක්කහම හිතට දැනුන ගතිය....
මහත ගාන....
බරත් නියමයි
පෙනුම මරු...කියලා වැඩක් නා
දිළිසෙනවා
බලන්න ලස්සනේ බෑ...,
ඉතිං මම දුන්නා නෝටුව....
ඉල්ලුවා සුදු රවුමකුත්.....


මෙන්න අයිතිකාරයා කියපි
ගාණ මදි කියලා...
මම හැමදාම ගන්නේ මේ ගාණටනේ ඉතිං
දැන් ඉතිං මොනවා කරන්නද....
මේ අපිම කොර ගත්තුවා තමයි....
යුතුකම ඉෂ්ට කලානේ....

දැන පාන් 48 යි...
මම කොහොමද බිත්තරයක් ගන්නේ
ඉතිරි රුපියල් 2න්...?
දැන් ගෙදර ගිහින් 18 ට
හුල්ලලා.....කමූ පාන්...
පොගවලා වතුරෙන්...
දැන් ඉතිං බඩු හරිනේ......



5 comments:

  1. සහතික ඇත්ත. දැන් ඉතින් *කාපාන් තමයි

    ReplyDelete
  2. රනිල් ලොක්ක කියල තිබුනෙ "1505 ඉදල 2005 වෙනකන් පාන් රාත්තල වැඩි උනේ රුපියල් පහළොවලු.ඒ උනාට 2005 ඉදල 2010 වෙනකොට රුපියල් තිහකින් වැඩි වෙලාලු.මේ පැත්තෙ බුවෙක් කියනව බත් කන්නනම් පාන් මිල තව වැඩි කරන්න ඕනෙලු.අනේ මන්ද 2012 ලෝක විනාසෙවත් ඉක්මනට එන්නෙ නෑනෙ.

    ReplyDelete
  3. 48 ?? පාන් ගෙඩියක්. හප්පොච්චියේ ලංකාවෙ මිනිස්සු කන්නෙ කොහොමද...

    ReplyDelete
  4. අපිට බත් කවන්නලුනෙ එහෙම කරන්නෙ.. ඒ වුණාට කඩේ ගියාම එළවඵ බත් පාර්සලයකුත් රු.80 යි ගාණ අඩුම තැනකත්.
    ඉතින් පාන් භාගයක් කාල ෂේප් ‍වෙන්න තිබ්බ චාන්ස් එකත් නැතිවෙලා.

    ReplyDelete
  5. ලස්සන නිර්මාණයක්....

    මුල ටික කියවද්දි හිතුනෙ වෙන දෙයක්. ගොඩක් ලස්සනට ලියල තියෙනවා

    ReplyDelete